තරඟ නීති සහ රෙගුලාසි
තරඟයට සහබාගී වන සියළු තරඟකරුවන් තරඟ නීති රීති සියල්ල හොඳින් කියවා අවබෝධ කරගත යුතුය.
තරගකරුවන් තම නිර්මාණ නියමිත දිනට පෙර මාර්ගගත ක්‍රමයෙන් ඉදිරිපත් කළයුතුය.
එක් තරඟකරුවකුට ඉදිරිපත් කළහැක්කේ එක නිර්මාණයක් පමණි.
නිර්මාණ සඳහා යොදාගත් මුල් ඡායාරූප ඉදිරිපත් කළයුතුය.
මුල් ඡායාරූප වල කතෘ අයිතිය සම්බන්ධ සියළු වගකීම් නිර්මාණකරු සතුය.
භාවිතා කළහැකි උපරිම ඡායාරූප ගණන 8 කි.
JPEG හෝ PNG ආකාරයට නිර්මාණ ඉදිරිපත් කළහැක.
සමාජයට වැදගත් පණිවිඩයක් ලබාදෙන අයුරින් නිර්මාණ ඉදිරිපත් කිරීමට තරඟකරුට අවසර ඇත.
දේශාපාලනය හා ආගම්වාදය අන්තර්ගත වන කිසිදු නිර්මාණයක් විනිශ්චය සඳහා ඉදිරිපත් කරනු නොලබන අතර ඒවා තරඟයෙන් ඉවත් කරනු ලැබේ.
ඉදිරිපත් කරනු ලබන සියළුම නිර්මාණතුළ කිසිදු ආකාරයේ ලාංජන(Logo), කතෘ අයිතිය සම්බන්ධ සලකුණු(Copyright marks), අනන්‍යතාවය හඟවන සලකුණු(Identifying marks), මායම්(Borders) හෝ වෙනත් කිසිදු ආකාරයේ සලකුණු නොතිබිය යුතුය.
අවශ්‍ය වුවහොත් PSD ගොනුව (PSD file) ඉදිරිපත් කිරීමට හැකිවිය යුතුය.
නිර්මාණාත්මකම හා ජනප්‍රියතම නිර්මාණ ලෙස තරග කාණ්ඩ දෙකකින් තරඟය සමන්විත වේ.
නිර්මාණාත්මකම නිර්මාණය විනිශ්චය මණ්ඩලය මගින් තෝරාදෙන අතර ජනප්‍රියම නිර්මාණය සඳහා වැඩිම Facebook මනාප (Facebook Likes) හිමි නිර්මාණය තෝරාගනු ලැබේ.
විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වේ.
මුල් ඡායාරූප තනි ගොනුවකත් හා අවසන් නිර්මාණ වෙනත් තනි ගොනුවකත් හා හැඳින්වීම් වෙනත් තනි ගොනුවකත් ලෙසත් පැහැදිළිව සඳහන් කර ඉහත සඳහන් සියළුම ගොනු තනි zip(.rar) ගොනුවක් ලෙස උඩුගත කළයුතුය.
උඩුගත කිරීමට ප්‍රථම අපගේ වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වී ලියාපදිංචි අංකයක් ලබාගතයුතුය. එහිදී විද්‍යුත් තැපෑල හරහා දැනුම් දෙනු ඇත.
zip ගොනුව ලියාපදිංචි අංකය නමින් නම්(Rename) වියයුතුය.
වෙබ් අඩවියේ ඇති ගූගල් පෝරමය හරහා zip ගොනුව පමණක් උඩුගත කළයුතුය.
උඩුගත කිරීමට ප්‍රථම අපගේ වෙබ් අඩවිය https://ruusara.github.io/ruusara/ හරහා ලියාපදිංචි වී ලියාපදිංචි අංකයක් ලබාගතයුතුය.(පැය 24 ක් තුල ලියාපදිංචි අංකයක් නොලැබුනේනම් ඹබේ spam folder පරීක්ෂාකර බලන්න.)