තරඟ නීති සහ රෙගුලාසි
තරඟයට සහබාගී වන සියළු තරඟකරුවන් තරඟ නීති රීති සියල්ල හොඳින් කියවා අවබෝධ කරගත යුතුය.
තරඟකරුවන් තම නිර්මාණ නියමිත දිනට පෙර මාර්ගගත ක්‍රමයෙන් ඉදිරිපත් කළයුතුය.
තරඟාවලිය සඳහා සහභාගීවන සියලු දෙනා නියමිත දිනට පෙර ලියාපදිංචි වියයුතුය අතර එසේ ලියාපදිංචි නොවී ඉදිරිපත් කරන නිර්මාණ හා ලබාදී ඇති අවසන් දිනයෙන් පසු ඉදිරිපත් කරනු ලබන නිර්මාණ බාරගනු ලබන්නෙ නැත.
එක් අයෙකුට තරඟාවලිය සඳහා ඉදිරිපත් කළහැක්කේ එක නිර්මාණයක් පමණි.
ඔබ ඉදිරිපත් කරන නිර්මාණයේ (Comic Character එකෙහි) Full Figure Drawing එකක් ඉදිරිපත් කිරීම අනිවාර්‍ය වේ.
අදාල character එක සඳහා අනන්‍යතාවයක් තිබිය යුතුය (නමක් සහ චරිතය ගැන සුළු විස්තරයක් අවශ්‍ය වේ).
පසුබිම් නිර්මාණයක් සිදුවන්නෙ නම් එය අදාල චරිතය නිරූපණයට බාධාවක් සිදු නොවන ලෙස නිර්මාණය වියයුතුය.
මෙහිදී ඔබේ නිර්මාණශීලීත්වයට ඉඩ දීම සඳහා අප විසින් ඔබගේ නිර්මාණය සිදු කිරීමට යොදාගන්නා software සඳහා සීමාවක් පනවන්නේ නැති අතර, ඔබට ඕනෑම software එකකින් නිර්මාණය සිදුකළ හැක.
ඔබගේ නිර්මාණ JPEG හෝ PNG ආකාරයට ඉදිරිපත් කළ හැකිය. නිර්මාණයේ resolution 960px*1280px ට වඩා වැඩි වියයුතු අතර ධාරිතාවය 20mb ට වඩා අඩු වියයුතුය.
ඕනෑම අවස්ථාවක ඔබේ නිර්මාණය සිදුකළ මුල් පිටපත (Source file) හෝ එසේත් නැත්නම් ඔබ නිර්මාණය සිදුකරන අතරතුර ලබාගත් screenshot අපවෙත ඉදිරිපත් කිරීමේ හැකියාව තිබිය යුතුය.
ඉදිරිපත් කරන නිර්මාණ තමන්ගේ වියයුතු අතර, වෙනත් නිර්මාණයකින් trace කිරීම හෝ නිර්මාණය වෙනත් අයෙකුගේ බව තහවුරු වුවහොත් තරගාවලියෙන් ඉවත් කිරීමට සිදුවේ.
දේශාපාලනය, ආගම්වාදය හා සමාජයට හානිකර නිර්මාණයක් විනිශ්චය සඳහා ඉදිරිපත් නොකරන අතර ඒවා තරගාවලියෙන් ඉවත කරනු ලැබේ.
ඉදිරිපත් කරනු ලබන සියළුම නිර්මාණ තුළ character එකෙහි අනන්‍යතාවය(නම සහ විස්තරයක් නිර්මාණ ඇතුළත ඉදිරිපත් කරනවානම් අවසර ඇත) හැර කිසිදු ආකාරයේ ලාංජන(Logo), කතෘ අයිතිය සම්බන්ධ සලකුණු(Copyright Marks) හෝ වෙනත් ආකාරයේ සලකුණු නොතිබිය යුතුය.
නිර්මාණාත්මකම හා ජනප්‍රියතම නිර්මාණ ලෙස තරග කාණ්ඩ දෙකකින් තරඟය සමන්විත වේ.
නිර්මාණාත්මකම නිර්මාණය විනිශ්චය මණ්ඩලය මගින් තෝරාදෙන අතර ජනප්‍රියම නිර්මාණය සඳහා වැඩිම Facebook මනාප (Facebook Likes) හිමි නිර්මාණය තෝරාගනු ලැබේ.
විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වේ.
ඔබගේ නිර්මාණය JPEG හෝ PNG ලෙස තනි ගොනුවක් ලෙසත්, නිර්මාණ පිළිබඳ කෙටි හැඳින්වීම (Character name and description about the character) pdf එකක් ලෙසත් පැහැදිළිව සඳහන් කර ඉහත සඳහන් සියළුම ගොනු තනි zip(.rar) ගොනුවක් ලෙස ලියාපදිංචි කළයුතුය.
උඩුගත කිරීමට ප්‍රථම අපගේ වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වී ලියාපදිංචි අංකයක් ලබාගතයුතුය. එහිදී විද්‍යුත් තැපෑල හරහා දැනුම් දෙනු ඇත.
zip ගොනුව ලියාපදිංචි අංකය නමින් නම්(Rename) වියයුතුය.
වෙබ් අඩවියේ ඇති ගූගල් පෝරමය හරහා zip ගොනුව පමණක් උඩුගත කළයුතුය.
උඩුගත කිරීමට ප්‍රථම අපගේ වෙබ් අඩවිය https://ruusara.github.io/ruusara/ හරහා ලියාපදිංචි වී ලියාපදිංචි අංකයක් ලබාගතයුතුය.(පැය 24 ක් තුල ලියාපදිංචි අංකයක් නොලැබුනේනම් ඹබේ spam folder පරීක්ෂාකර බලන්න.)