"රූසර ඩිජිටල් නිර්මාණ තරඟාවලිය"

හඬ කැවීමේ තරඟාවලිය

2022

Register Here

තරඟ නීති සහ රෙගුලාසි

තරඟයට සහබාගී වන සියළු තරඟකරුවන් තරඟ නීති රීති සියල්ල හොඳින් කියවා අවබෝධ කරගත යුතුය.

  • තරඟකරුවන් තම නිර්මාණ නියමිත දිනට පෙර මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි වියයුතුය.
  • ලබාදී ඇති කෙටි ඉංග්‍රීසි බසින් යුත් කාටූන් පටය එවා ඇති පිටපත සමග සසඳා බලා තනිව සියලු චරිත රඟපා අප වෙත යොමුකරන්න.
  • දෙවන පියවර වශයෙන්, දෙන ලද වීඩියෝ පඨයන්ගෙන් එකකට හඩ කැවිය යුතුයි.
  • දෙන ලද වීඩියෝ පඨ වලින්, තම අභිමතය පරිදි වීඩියෝ පඨයක් තෝරාගත හැක.
  • අපගේ වෙබ් පිටුවේ ඇති වීඩියෝවක් පමණක් හඩකවා ඉදිරිපත් කල යුතුයි.
  • එම වීඩියෝ පඨයන් සංස්කරණය හෝ කිසිදු ආකාරයක වෙනස්කම් වලට ලක් නොකල යුතුයි.
  • හඩ සහිත වීඩියෝ පඨයක්, එම වීඩියෝ පඨයට අදාළ හඩ රහිත වීඩියෝ පඨයක් සහ දෙබස් ඇතුලත් පිටපත ලෙස වෙන වෙනම ලබා දී ඇත.
  • තරඟකරුවන් වීඩියෝ පඨයෙහි හයිලයිට් කරන ලද කොටස පමණක් හඩ කැවිය යුතුය.
  • දේශපාලනික මඩගැසීම්, ජාතිවාදී දෙබස් නැති වියයුතුය. එවැනි දෙබස් ඇතුළත් වේනම් තරඟයෙන් ඉවත් කරනු ලැබේ.
  • අසභ්‍ය වචන ආදිය ඇතිළත් දෙබස් වීඩියෝ තුළ භාවිතා නොකළ යුතුය. එවැනි දෙබස් ඇතුළත් වේනම් තරඟයෙන් ඉවත් කරනු ලැබේ.
  • ඉදිරිපත් කරනු ලබන සියළුම වීඩියෝ පට තුළ කිසිදු ආකාරයේ ලාංජන(Logo), කතෘ අයිතිය සම්බන්ධ සලකුණු(Copyright marks), අනන්‍යතාවය හඟවන සලකුණු(Identifying marks), මායම්(Borders) හෝ වෙනත් කිසිදු ආකාරයේ සලකුණු නොතිබිය යුතුය.
  • නිර්මාණාත්මකම හා ජනප්‍රියතම නිර්මාණ ලෙස තරග කාණ්ඩ දෙකකින් තරඟය සමන්විත වේ.
  • නිර්මාණාත්මකම වීඩියෝ පටයන් විනිශ්චය මණ්ඩලය මගින් තෝරාදෙන අතර ඉන් හොඳම නිර්මාණාත්මක වීඩියෝ පට 10 අපගේ Facebook පිටුවෙහි පල කරනු අතර ඉන් ජනප්‍රියතම නිර්මාණය Facebook මනාප (Facebook likes) මගින් තෝරාගනු ලැබේ.
  • විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වේ.
  • ලකුණු ලබාදීමේදි විනිශ්චය මණ්ඩලය ප්‍රධාන ලෙස,
      වීඩියෝ පටයේ නිර්මාණාත්මක බව
      චරිතයට අනුව හඬ කැවීම සහ පාලනය
      වීඩියෝ පටයේ දෙබස් වල ගලායාම
      වීඩියෝ පටයේ දෙබස් වල අර්ථවත් බව සහ සුසං‍යෝගය සලකා බලයි.
  • අවසානයට zip/rar ගොනුවක් සකස් කර, දෙන ලද ලියාපදිංචි අංකය යොදා Rename කර හඩකැවූ වීඩියෝව හා පිටපත ඇතුලත් කල යුතුයි.
  • උඩුගත කිරීමට ප්‍රථම අපගේ වෙබ් අඩවිය https://ruusara.github.io/ruusara/ හරහා ලියාපදිංචි වී ලියාපදිංචි අංකයක් ලබාගතයුතුය. එය ඊ-මේල් මගින් ඔබට දැනුම් දෙනු ලැබේ.(පැය 24 ක් තුල ලියාපදිංචි අංකයක් නොලැබුනේනම් ඹබේ spam folder පරීක්ෂාකර බලන්න.)
  • වෙබ් අඩවියේ ඇති ගූගල් පෝරමය හරහා zip ගොනුව පමණක් උඩුගත කළයුතුය.
  • UPLOAD YOUR FILE

    Upload

    MILESTONE - 01

    Walas Pancha

    විනිශ්චය මණ්ඩලය

    අතුල රන්සිරිලාල් මහතා

    හඬ කැවීමේ තරඟය

    ප්‍රදීප් ප්‍රේමලාල් මහතා

    ඡායාරූප සැකසීමේ තරඟය

    හර්ශක රත්නකුමාර මහතා

    ඩිජිටල් චරිත සිතුවම් නිර්මාණ තරඟය

    අචින්ත්‍යා අමරකෝන් මහත්මිය

    ඩිජිටල් චරිත සිතුවම් නිර්මාණ තරඟය




    සාහිත්‍ය අනුකමිටුව

    "මාගේ දේශය අවදි කරනු මැන" ශිෂ්‍ය සාහිත්‍ය උළෙල - 2022
    මහා ශිෂ්‍ය සංගමය, සාහිත්‍ය අනුකමිටුව, පේරාදෙණිය විශ්ව විද්‍යාලය

    MageDeshayaAwadiKaranuMena

    (94)76 903 3905 (Kasthuri)

    (94)71 130 8738 (Hashini)

    e19ruusara@gmail.com

    EMAIL US

    e19ruusara@gmail.com

    CALL US

    (94)76 903 3905

    (94)71 130 8738

    © Copyright